Kishore Kumar Hits

Prasanga Thissera - Aseemitha Adaraya текст песни

Исполнитель: Prasanga Thissera

альбом: Divyanganawee


කිරි මුහුද කැලඹූ ලේ කිරට හැරවූ
මගේ කඳුළු ඉහිලූ මගේ අම්මා
ගත සවිය ගැන්වූ සිත දිරිය දුන්නු
දිවි මගට එළියයි මගේ අම්මා
ජේසුනී, ජේසුනී
අසීමිත වූ ආදරේ හින්දා
මට ලබාදුන් තිළිණයයි අම්මා
වැඳ වැටී ඔබගෙ පාමුල මා
ආදරෙයි මා ඔබට අම්මා

මුළු ජීවිතේ මා වෙනුවෙන්ම කැපවී
සෙවනැල්ල වූවා මගෙ තාත්තා
කර්කශ වූ පොළොවේ දහදියෙන් තෙත් වී
දුක් ගැහැට වින්දා මා හින්දා
ජේසුනී, ජේසුනී
අසීමිත වූ ආදරේ හින්දා
මගෙ තාත්තා මට ලබාදුන්නා
වැඳ වැටෙයි ඔබගේ පාමුල මා
ආදරෙයි මා ඔබට සෑමදා

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель