Harshadewa Ariyasinghe - Nobala текст песни
Исполнитель:
Harshadewa Ariyasinghe
альбом: Nobala - Single
නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සඟවා වේදනා දරා
හැමදා ආදරේ කරා
ඔබ නොඑනා නිසා කව්රුත් එපා
තනි වීලා ඉන්නවා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
පෙම් කෙරුව ඒ අතීතේ
වෙන් වී ගියා
මාගේ බව කීව ඔබ දැන්
ඔහුගේ වෙලා
දැනෙනා මිලාන වේදනා
සඟවා හිඳින්න බෑ සදා
ඉකිගා හඬාන රෑ පුරා
පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා
සන්තෝස යාමෙ රහසින්
බොඳවී ගියා
දුක් වින්ද කාලේ සැනෙකින්
ලැබිලා මෙදා
මතකේ තියාන කී කතා
දිවියේ පුරාම ඉන්නවා
මට දාලා යන්න බෑ ඔයා
නොපමාව එන්න මා සොයා
සමාව දෙනවා සදා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
නොබලා මා දිහා ඔයා
යන්වා කාගෙදෝ වෙලා
සඟවා වේදනා දරා
හැමදා ආදරේ කරා
ඔබ නොඑනා නිසා කව්රුත් එපා
තනි වීලා ඉන්නවා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя