Kishore Kumar Hits

MARIANS - Surakimu Daruwan текст песни

Исполнитель: MARIANS

альбом: Surakimu Daruwan - Single


කන්දේ ලන්දේ දුව පැන නටා
මල් සේ ඳඟ පා සුරතල් ගෙනා
පුංචි පැංචි ළමයින් පෙලා
ඇයි දෝ මිනිසුන් තිරිසන් වෙලා
ඉගිලී නැගෙනා සුරතල් සිනා
සිත් බිත් හැරදා උදුරා දමා
කම් සුව සොයලා දරුවන් පෙලා
මල් වන් ජීවිත කෙලෙසන්නෙපා
මත් වී අඳ වී රකුසන් වෙලා
ආශා රාගෙන් මන් මත් වෙලා
දහමේ කියු දේ අමතක වෙලා
මිනිසුනි මෙලෙසින් පිරිහෙනු එපා
ඉගිලී නැගෙනා සුරතල් සිනා
සිත් බිත් හැරදා උදුරා දමා
කම් සුව සොයලා දරුවන් පෙලා
මල් වන් ජීවිත කෙලෙසන්නෙපා
සොයලා බලලා රැකවල් දි දී
සුරැකිය යුතු වූ දරුවන් පොඩි
අතවර කරලා වනසන හැටි
මිනිසුනි නොමිනිස්කම් දැන් ඇති
ඉගිලී නැගෙනා සුරතල් සිනා
සිත් බිත් හැරදා උදුරා දමා
කම් සුව සොයලා දරුවන් පෙලා
මල් වන් ජීවිත කෙලෙසන්නෙපා

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель