Priyantha Fernando - Sandawata Ran текст песни
Исполнитель:
Priyantha Fernando
альбом: Bilinda Nalave
බඩගිනි වෙලා ගොඩ වුණු කල පුතුගෙ ගෙට
මා යකිනයක ලෙස පෙනුනයි ලේලියට
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරලුනි කිරට
අම්මා ද බිරිඳද ලොකු වැඩියෙන් නුඹට
සඳ වට රන් තරු කැකුළු පිපේවා
හිරුට වලාකුළු සළු පැළඳේවා
පොළවෙන් මිණි මුතු කැට බිහි වේවා
පුතෙකුට අම්මගේ අගය දැනේවා
ගඟුලට ඇති බර දියවැල නේදෝ
කතරට ඇති හර සුදුවැලි නේදෝ
ළඳකට ඇති හැඩ යහගුණ නේදෝ
මවකට ඇති සැප දරු සැප නේදෝ
ගින්නක් නැති කල දුමක් කොයින්දෝ
පින්නක් නැති කල තෙතක් කොයින්දෝ
වහලක් නැති කල ගෙයක් කොයින්දෝ
අම්මෙකු නැති කල දැයක් කොයින්දෝ
සඳ වට රන් තරු කැකුළු පිපේවා
හිරුට වලාකුළු සළු පැළඳේවා
පොළවෙන් මිණි මුතු කැට බිහි වේවා
පුතෙකුට අම්මගේ අගය දැනේවා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя