Kishore Kumar Hits

Malith Perera - Me Iwure текст песни

Исполнитель: Malith Perera

альбом: Me Iwure


මේ ඉවුරේ ගිලුනු තාරකාවක් සේ
නෑ ඇසුනේ සොඳුරු ගායනා ඔබගේ
මා හැමදාමත් මග බලා උන්නා සේ
රූ සේයාවත් බොඳ වෙලා ආකාසේ
රිදුනේ මටයි මගේ හිතයි සදා
ගැටුනේ මමයි මගේ හැඟුම් එදා
මා පසු කලා තරු නැති අහසක් ඒ සුව ගමනක් නොවේ
මේ උණුසුමේ මිය යනු බෑ මට ලඳේ
ලා හිරුගේ බිඳුණු වලාකුළු අතරේ
පෑ මුතු සිනා සැඟව ගියා හද ගෙත්තමේ
තොල් පෙති තාමත් ඔබ සොයයි රහසින් වගේ
ආදර ගඟුලක් තනි වෙලා නෙතු දෑලේ
රිදුනේ මටයි මගේ හිතයි සදා
ගැටුනේ මමයි මගේ හැඟුම් එදා
මා පසු කලා තරු නැති අහසක් ඒ සුව ගමනක් නොවේ
මේ උණුසුමේ මිය යනු බෑ මට ලඳේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители