Somathilaka Jayamaha - Sanda Andura текст песни
Исполнитель:
Somathilaka Jayamaha
альбом: Pahan Tharuwa
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනි වුණ ඔබෙ සුසුමන්
සෙමින් විත්
මගෙ සවනත පාරයි
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
♪
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ
නිදි ලොව වෙත
එතෙර වන්න නිඹදේ
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
♪
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණළු නැගෙන පැයේ
කුසුමක් දෙමි
ජීවින මල් ගොමුවේ
ඔබේ ආදර
ජීවන මල් ගොමුවේ
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනි වුණ ඔබෙ සුසුමන්
සෙමින් විත්
මගෙ සවනත පාරයි
සෙමින් විත්
මගෙ සවනත පාරයි
සෙමින් විත්
මගෙ සවනත පාරයි
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя