Kishore Kumar Hits

Nanda Malini - Yukthiya Wenuwen текст песни

Исполнитель: Nanda Malini

альбом: Yukthiya Wenuwen


දිව්ය පූජා යාගයට ආ බැති මතුන්
කැටුව ආ මව්පියන් දරුනන් අහිමි වී
සදා සෝගිනි කඳක දැවෙමින් වැලපෙමින්
රටම අන්දය ගොළුය බිහිරිය මන්ද ඒ
කොහිද යුක්තිය
කොහිද ධර්මය
කොහිද නීතිය විමසනූ
අන්තවාදී අධම නොමිනිස් කැලකගේ
මානසික බල වියරුවේදී ගොදුරුවූ
අහින්සකයන් නාමයෙන් ඇස් හැර බලවු
දඬුවමක් විඳ ඇද්ද කිසිවෙක් ඔවුන්ගෙන්
කොහිද යුක්තිය
කොහිද ධර්මය
කොහිද නීතිය විමසනූ
සුසානය මැද සොහාන් කඳු මත වැලපෙතී
ස්වාමිවරු සිය බිරිඳ දරුවන් අහිමි වූ
කුරුරි ඝාතක කැලම නිදහස් සුව විඳී
නොලැබ දඬුවම් රටට පිටුපා සිනාසී
කොහිද යුක්තිය
කොහිද ධර්මය
කොහිද නීතිය විමසනූ
නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින්
ඇවිද යමු අපි නැගෙන බාදක බිඳලමින්
පිබිද එමු අපි දෙව් මැදුරුවල අළු මතින්
අවිදිවෙමු අපි නිහඬ නිද්රා සිහිනයෙන්
කොහිද යුක්තිය
කොහිද ධර්මය
කොහිද නීතිය විමසනූ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители