Kishore Kumar Hits

Nanda Malini - Hemanthayedi текст песни

Исполнитель: Nanda Malini

альбом: Hemanthayedi


වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදි
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදි
විලාපෙන් විඩාවී රැඳි මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබූවේ හේමන්ත කාලයේ
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදි
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදි
සුසුම්ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදාවු සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලයේ
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදි
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදි

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители