Mihiran - Riduman текст песни
Исполнитель:
Mihiran
альбом: Riduman
මං ගාව ආයේ ආල කම් නෑ ආල කන්යාවේ
හංගාන රිදුමන් මැවු හිනාවෙන් නුඹව සැනසූවේ
දෑස පාරන වේදනා කිම ඔය ළමැද පැතුවේ
ආයෙ දවසක අපිම අප හැර යනෙන පෙම් පාරේ
ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලං වේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී
♪
වෙන්ව යන ඉම මා දෑස මානෙම වේ
තෙමෙන උරහිස මේ නුඹට වාරුව වේ
♪
රිදෙන රිදවන වේදනාවන් හමුවේ
කෙලෙසක ද බැඳුනේ ආල කන්යාවේ
අපිට අපි හිමි නැති මඟේ කෙළවර ද හැඳිනූයේ
නුඹව අත හැර යනෙන බැව් දැන කිම ද තව ළං වූයේ
ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලං වේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී
ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලං වේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя