Stereomiinds - Hanthana Sulange текст песни
Исполнитель:
Stereomiinds
альбом: Athmaye Ma
හීන පාරක තුරා සුදු ස්නේහ වැලි පේවෙලා
මං දුර ආදා මුදු හාදු මා මුවින් ගිලිහුණා
සිහිලැල් පවන් ඒ හමා ඔබෙ මුදු සුසුම් මුසු වෙලා
දැවටී සුළඟේ ඔබෙ සුවඳ විඳිමී හිත් පුරා
හිරු කැන් වියැකෙනා යාමයේ
ඇවිදින් හිඳින් මා හීනයේ
අත් වැල් පටලවා නංවා සිනා
මිහිර විඳගමු ආලයේ
වෙන් වී ගෙවෙන මේ කාලයේ
මදිකම් හැඟේ ඔබෙ ආලයේ
ඉඩ ලද මොහොතේ මා වෙත
එනු පියාඹා සුළඟ හන්තානයේ
♪
පේන ක්ෂිතිජය පුරා ඔබෙ රූපෙ කැටයම් වෙලා
උණුහුම් තුරුලේ පෑ ස්නේහේ මතකේ පැටලිලා
කඳු පාර අද තනි වෙලා හද සැලේ සුසුමන් පියා
ඔය මුදු පහසේ අනුරාගේ සොයමී සිත් පුරා
පේනා ක්ෂිතිජේ සයුරත් එක් වීලා
මල් මී යායෙ විසිරී සුවඳ ඔබෙ දැවටේ මා හා
ඔබ විහඟෙකු සේ ඉගිලීලා දුර ආකාසේ නිම් ගෙවලා
මා හා එක්වේදෝ හන්තාන සුළඟේ හමා
♪
පේනා ක්ෂිතිජේ සයුරත් එක් වීලා
මල් මී යායෙ විසිරී සුවඳ ඔබෙ දැවටේ මා හා
ඔබ විහඟෙකු සේ ඉගිලීලා දුර ආකාසේ නිම් ගෙවලා
මා හා එක්වේදෝ හන්තාන සුළඟේ හමා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя