Surendra Perera - Villuda Punchi Depa текст песни
Исполнитель:
Surendra Perera
альбом: Me Jeewanaye
විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
මට රිදවන්න එපා මගහැර යන්න එපා
තරහාවෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
මේ හැටි ආඩම්බරදෝ පූරුවෙ පිනින් ලැබූ මගේ දේවී
විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
මට රිදවන්න එපා මගහැර යන්න එපා
තරහාවෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ
ඉන්නේ මං නේදෝ සීදේවී
හිත වාවන්නෙ නැතේ දිවි නහගන්න හිතේ
ඩිංගක් හිනැහෙන්කෝ සීදේවී
සරදම් චාටු කතා මට කීවාට ගොතා
ආයෙත් රැවටෙන්නේ නෑ
මායම් අරුමෝසම් වරදීවි
විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
බොරු පිරිමින්ගේ එපා මට පෙන්නන්න එපා
පස්සෙන් එන්න එපා මේ වගේ
දකිනා කවුරුන්හෝ හිනැහේවී
ගිනියම් අව්ව වැදී හැඩ රූ යාවි මැකී
මගේ හිත ඒ හින්දා වැලපේවී
සිරිපොද පින්න වගේ දෝතට එන්න මගේ
මේ හිත ආදරයෙන් හිනැහේවී
පියුමට සුවඳ වගේ සුවඳට පියුම වගේ
සිතුවිලි අපි දෙන්නාගේ
දවසක මල් ලෝකේ රජවේවී
විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
අව්වට යන්නේ නැතේ හිත රිදවන්නේ නැතේ
තරහාවෙන්නේ නැතේ මා ප්රියේ
මා හිත ආදරයෙන් හිනැහේවී
මේ හැටි ආඩම්බරදෝ පූරුවෙ පිනින් ලැබූ මගේ දේවී
විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя