Radeesh Vandebona - Athul Hithe текст песни
Исполнитель:
Radeesh Vandebona
альбом: Radeesh's 2010s
ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා
නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා
වචන රහිත දිගම ප්රේම ගීය කණේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා
නැති බැරිකම් හංගා ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා
ආත්මය ම හැදුවේ අම්මා
ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා
නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා
හරි ම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා
හොඳම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා
සැප විඳිනව දැකලා හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඬුවේ අම්මා
ආත්මය ම හැදුවේ අම්මා
ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා
නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා
අම්මා
අම්මා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя