නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොඳ වෙලා
දෙතැන සිටියත් වෙන් වෙලා
මගේ හිත ඔබ ලඟ සදා
තියාගන්නවනම් ඔයා
යලි සොයා එමි පියබලා
මවපු සිහින මතකද අඳුරේ
මට තුරුල් වෙලා
කියපු වදන් ඇසෙනව තාමත්
රත්තරන් කියා
සසර පුරා පතමින් ආවත්
ඔබ මගේ වෙලා
ඔබේ ආදරේ කඳුලක් වී
මා ලඟ නතර වෙලා
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා
පෙම දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොඳ වෙලා
දෙතැන සිටියත් වෙන්වෙලා
මගේසිත ඔබ ලඟ සදා
තියා ගන්නවනම් ඔයා
යලිසොයා එයි පියබලා
හදින් හදට යාවී උන්නේ
හුස්මටත්වඩා
සුවඳ ඔබේ දැනෙනව තාමත්
වෙලී මා වටා
අලුත් සඳක එලියක් දුටුවත්
ඔබ මුලා වෙලා
අඳුරු අහසෙ ස්ඳ ඔබයි මගේ
මේ ජීවිතේ පුරා
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයු කී ඔයා
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොඳ වෙලා
දෙතැන සිටියත් වෙන් වෙලා
මගේ සිත ඔබ ලඟ සදා
තියාගන්නව නම් ඔයා
යලි සොයා එමි පියබලා
To my life... Shehani
තාමත් මම ඔයාට ගොඩක් ආදරෙයි
Lasantha Jayarathna
(Grd. 11-2, Isipathana College)
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя