Paul Fernando - Thoppi Welenda текст песни
Исполнитель:
Paul Fernando
альбом: Prince of Baila
එක් තොප්පි වෙළෙන්දෙක් තොප්පි ගොඩක් අරගෙන
ගියාය දුර බැහැරක වෙළදාම් කරන්න
අතරමගදී ඔහු හට විය විඩා දැනෙන්න
ගහක් අසළ සැතපුණි තොප්පියක් දාගෙන
ටික වේලාවක් ගතවුනි ඔහු නිදාගෙන
වඳුරු රැලක් හදිස්සියෙම පැමිනුණා ඔන්න
වෙළෙන්දා තොප්පියක් දාල සිහින දුටු තැන
වඳුරු රැලම තොප්පි ගත්ත හිසේ දමන්න
අඹ ගසකට නැගුනු ඔවුන් තොප්පි දමාලා
එකිනෙකාට මුහුණ පෙනෙයි රුවෙන් ඔපවෙලා
ඔවුන් රුවැති බව සිතාලා සැවොම එක්වෙලා
ගී කියමින් නැටුවා ගහේ සැම තැන පැනලා
එක් තොප්පි වෙළෙන්දෙක් තොප්පි ගොඩක් අරගෙන
ගියාය දුර බැහැරක වෙළදාම් කරන්න
අතරමගදී ඔහු හට විය විඩා දැනෙන්න
ගහක් අසළ සැතපුණි තොප්පියක් දාගෙන
සද්දේ නිසා තොප්පි වෙළෙන්දාට ඇහැරුනා
පුදුම වැඩකි තොප්පි නොමැති බවද තේරුණා
උඩ බැලු පමණින් ඔහු හට කරුණ වැටහුණා
කලබල වූ ඔහුට කදිම නුවණ සිහිවුණා
ගත්තා ඔහු තොප්පිය තම හිසෙන් ගලවලා
එල්ල කළා වඳුරු රැලට ඉලක්කය බලා
තොප්පි වලින් වෙළෙන්දාට ගසයි සිතාලා
තොප්පි අහුල ගන්ට සිටියා ගසට ළං වෙලා
එක් තොප්පි වෙළෙන්දෙක් තොප්පි ගොඩක් අරගෙන
ගියාය දුර බැහැරක වෙළදාම් කරන්න
අතරමගදී ඔහු හට විය විඩා දැනෙන්න
ගහක් අසළ සැතපුණි තොප්පියක් දාගෙන
පියඹා එන තොප්පිය දුටු නායක වඳුරා
එක මොහොතින් ඔහුගේ හිස ගත්තා එය දරා
අඹ ගැටයක් දමා ගැසුව එම තොප්පි හොරා
තොප්පි නොවෙයි අඹ ගැටමයි ආවේ ඔහු කරා
මිනිසා දිය තියපු කාලේ ගිය නොවැ හඳට
මිනිස් නුවණ දියුණු වීලා තිබුණලු හොඳට
තොප්පි වෙළෙන්දාගේ උපාය හිටියනේ ඇදට
වඳුරු නුවණ දියුණු වීම කරුණයි එයට
එක් තොප්පි වෙළෙන්දෙක් තොප්පි ගොඩක් අරගෙන
ගියාය දුර බැහැරක වෙළදාම් කරන්න
අතරමගදී ඔහු හට විය විඩා දැනෙන්න
ගහක් අසළ සැතපුණි තොප්පියක් දාගෙන
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя