Kalasoori Alhaj Mohideen Baig - Sakala Sathama текст песни
Исполнитель:
Kalasoori Alhaj Mohideen Baig
альбом: Giri Hel Mudune
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ
සුගත තථාගත, ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ
සිරිපාදේ, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
♪
සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
සුවදෙයි අරණෙහි මව්
නිවන් මගට යන පහන් ටැඹක් බඳු
බුදු සිරි පතුල නමෝ
කරුණාවයි, කරුණාවයි
සමන් දෙවිඳු කරුණාවයි
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ...
♪
උපන්න දා සිට කළ පව් දුරුවෙයි
සිත යහමගට නැමී
නෙතින් පලක් නැත දැක වැඳ නොගතොත්
මුනි සිරි පතුල සොමී
කරුණාවයි, කරුණාවයි
සමන් දෙවිඳු කරුණාවයි
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ
සුගත තථාගත, ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ
සිරිපාදේ, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя