Kishore Kumar Hits

Chamara Fernando - Nubata Innata Thibuna текст песни

Исполнитель: Chamara Fernando

альбом: Nubata Innata Thibuna


බිමට නැමි ඉති
ඉද්ද මල් මැද
ඉවරයක් නැතී
කතා කිය කිය
දෑත් පටලන් ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
නුඹට මා ලියූ
කවිත් එක දෙක
මියුරු ස්වරයකින්
ගයන මා දැක
සතුට නිම් හිම් නැතිව විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ

සිහින් සීතල
ගත වෙලෙන විට
උරහිසේ හිස
හොවා හෙමිහිට
සුසුම් අහුරක සුවය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
රැයේ සීතලේ
ගුලිව තුරුලට
සැලුනු මල් කෙමී
සුවය විඳ විඳ
දෙතොල් පහසක රසය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
නුඹට ඉන්නට තිබුනා මා ළඟ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель