Shiyan - Heene текст песни
Исполнитель:
Shiyan
альбом: Heene
පියමැන සීමාවන් ඉගිලෙන්නම් ආකාසේ
හමුවන තුරු ආයෙත් මඟ බලමින් මේ හීනේ
පියමැන හිත අද්දර සැනසෙන්නට මා එන්නේ
පියවර පා සටහන් සන්සුන් නෑ මේ යාමේ
යටිහිත මට රහසින් මොනවාදෝ මුමුණන්නේ
ඈ දැවටෙන්නේ දෑතේ
විඳගන්නම් නව පැහැයන් දෑසේ
මා මේ දකිනා හීනේ
තවරන්නම් ඒ පැහැයන් මේ වස්සානේ
ළඟ නැති මොහොතක ඇවිදින් යන්නට හිම තුහිනේ
සමුදුරු හුළඟේ තනුවක් වී ඇමතූ ඈගේ
සවනට ලංවී මුමුණන්ට හැබැහින් ආයේ
හදවත අවනත නෑ මේ
ඈ දැවටෙන්නේ දෑතේ
විඳගන්නම් නව පැහැයන් දෑසේ
මා මේ දකිනා හීනේ
තවරන්නම් ඒ පැහැයන් මේ වස්සානේ
හුස්මක ඉඩඅතරින්
තව තව ලං වෙන්නම් මා
මඟහැර සීමාවන්
කොපුලත දැවටෙන්නම්
තව තව ලං වෙන්නම් මා
ඈ මග බලනා හීනේ
සඟවන්නම් ඒ කැල්මන් දෑසේ
ඈ දැවටෙන්නේ දෑතේ
විඳගන්නම් නව පැහැයන් දෑසේ
මා මේ දකිනා හීනේ
තවරන්නම් ඒ පැහැයන් මේ වස්සානේ
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя