Kishore Kumar Hits

Jayasri - Europe Indala текст песни

Исполнитель: Jayasri

альбом: Mod Goviya


යුරෝපෙ ඉඳලා රබාන ගහලා
ලංකාවෙ අපෙ ඔහෙලට කියනවා බයිලා
යුරෝපෙ ඉඳලා රබාන ගහලා
ලංකාවෙ අපෙ ඔහෙලට කියනවා බයිලා

බයිලා කපරිනා රැප්-හිපොප් එකට එක් කරා
රොක් ඇන්ඩ් රෝල් රෙගේ වලින් පද රවුම් කළා
අඩුම-කුඩුම ලූණු තුනපහ දාලා mix කරා
අනෙ මෙන්න ගුලිය කාල බලන් යුරෝපෙ බයිලා
සීතා නම් වින්ටර් එකේ හිටලා සක්කරන්
ජැකට් බැකට් සළු බූට් දාලා සෙට් කරන්
හිරිගඩු පිපි එන විට අනේ කෝපි වක්කරන්
අපි කියමු බයිලා එළිවෙනකන් එන්ඩ රත්තරං
යුරෝපෙ ඉඳලා රබාන ගහලා
ලංකාවෙ අපෙ ඔහෙලට කියනවා බයිලා
අනේ, යුරෝපෙ ඉඳලා රබාන ගහලා
ලංකාවෙ අපෙ ඔහෙලට කියනවා බයිලා

මල් පිපුණම සමර් එකේ අපි සෙට් වෙන්නේ
වියෙනා ඩොනාඉන්සෙල් ගඟ ළඟ තණ පිටියේ
අයියෝ, බත් සම්බල් හොදි මැල්ලුම් ඔය උතුරන්නේ
රබන් ගහලා ගිටාර් වයලා බයිලා කියන්නේ
පායන ඉර ඔය වාගේ පේන්නේ නෑ ඩලෝ
කපුටු කාක් සද්දෙ මෙහෙ නැහැනෙ මගේ මලෝ
පැපර-පෑන් හෝන් ඇහෙන්නෙ නෑනේ ඩ්රයිවරෝ
බුහ්-බුහ්, අපෙ බලු සමයං නෑ මගෙ අම්මෝ
යුරෝපෙ ඉඳලා රබාන ගහලා
ලංකාවෙ අපෙ ඔහෙලට කියනවා බයිලා
අනේ, යුරෝපෙ ඉඳලා රබාන ගහලා
ලංකාවෙ අපෙ ඔහෙලට කියනවා බයිලා

රස්තා මෑන් රොහාන් මල්ලි dreadlock පොර නේ
රොයිටර් අයියා ඇකඩමි පොර ආකිටෙක් අනේ
කොම්පියුටර් කරකවන්නෙ අරුණ අයියා නේ
ආඩම්බරයි අපි ජයශ්රී ලංකා පුත්තු නේ
කියනවා දුර ඈත ඉඳන් ඔහෙලට බයිලා
මතක් වෙනවා අපෙ ආදර දෙමව්පියන්ලා
නංගිලා මල්ලිලා නෑදෑ යාලුවෝ හන්දා
අපිට හිතෙනවා මෙහෙ දාලා එන්ඩ සත්තයි ලංකා
යුරෝපෙ ඉඳලා රබාන ගහලා
ලංකාවෙ අපෙ ඔහෙලට කියනවා බයිලා
යුරෝපෙ ඉඳලා රබාන ගහලා
ලංකාවෙ අපෙ ඔහෙලට කියනවා බයිලා
හායි මෙයාලා
බායි මෙයාලා
අනේ දෙවැනි කොටස දෙනකං අනේ ඉන්ඩ ඔයාලා
ආ, හායි මෙයාලා
අනේ, බායි මෙයාලා
දෙවැනි කොටස දෙනකං අනේ ඉන්ඩ ඔයාලා
අනේ, හායි මෙයාලා
අයියෝ, බායි මෙයාලා
අහ්, දෙවැනි කොටස දෙනකං අනේ ඉන්ඩ ඔයාලා
හායි මෙයාලා
බායි මෙයාලා
දෙවැනි කොටස දෙනකං අනේ ඉන්ඩ ඔයාලා

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель

WAYO

Исполнитель

Iraj

Исполнитель