Bandara Athauda - Nan Suran текст песни
Исполнитель:
Bandara Athauda
альбом: Ruwan Tharaka
නන් සුරන් බැතියෙන් පිදූ
සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ
එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)
නන් සුරන් බැතියෙන් පිදූ
සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ
එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)
දෙස් විදෙස් පතළා වූ කිත්
යසසින් ලෙවන් පසුබා සැදී (පසුබා සැදී)
මීමුතුන් සුවහස් ගණන් විය
මව්බිමේ නාමෙන් බැඳී (නාමෙන් බැඳී)
සීහලේ සුවඳින් ලැබූ
නව ජීවයෙන් පිබිදී නැගී (පිබිදී නැගී)
උන් මලත් අපගේ විකුම්
විමසා සදා නොනිදා හිඳී (නොනිදා හිඳී)
නන් සුරන් බැතියෙන් පිදූ
සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ
එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)
දැන් නැතත් ඒ ශ්රී විභූතිය
ඒ ලෙසින් සදනා යුගේ (සදනා යුගේ)
උන් ගැයූ අභිමාන ගී
ස්වරයෙන් සැලේ හදවත් අපේ (හදවත් අපේ)
මින් මතුත් මේ මව් කුසේ
උණුසුම පැතූ දරුවන් ලෙසේ (දරුවන් ලෙසේ)
පින් පුරව් සිහලුනි සදා
ඉපදී මියෙන්නට සිංහලේ (සිංහලේ)
නන් සුරන් බැතියෙන් පිදූ
සරු පින් බිමක් විය මිහිතලේ (මිහිතලේ)
රන් සඳක් විලසින් දිලේ
එය මේ අපේ තුන් සිංහලේ (සිංහලේ)
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя